Subscribe:

Ads 468x60px

Cartoon

27 March 2013

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට අයි.පී.එල්. තහනම්


ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තමිල්නාඩුවෙ ක්‍රිකට්‌ තරග සඳහා ගෙන්වන්න ඒපා
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්

ඉන්දියාවෙ පැවැත්වීමට නියමිත අයි.පී.එල්. ක්‍රිකට්‌ තරගාවලිය වෙනුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැත්වෙන තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්, ශ්‍රී ලාංකික තරග විනිසුරුවරුවන් හෝ අනෙකුත් නිලධාරීන්ව සහභාගි කරවීමට තමන්  ඉඩ නොදෙන බව තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය  මන්මෝහන් සිං මහතා වෙත ලිපියක්‌ යවමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව තුල දෙමළ වැසියන්ට සිදුවන පීඩාවන්ට විරෝධය දැක්‌වීම සඳහා මෙලෙස තමන් ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට තමිල්නාඩුවේ අයි.පී.එල්. තරගවලට සහභාගිවීමට ඉඩ නොදෙන බව ජයලලිතා සිය ලිපිය මගින් වැඩිදුරටත් දන්වා ඇත.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ක්‍රීඩා නොකරන්නේ නම් පමණක්‌ තමිල්නාඩු ප්‍රාන්තය තුළ අයි.පී.එල්. තරග පැවැත්වීමට ඉඩහරින බව යලලිතා ජෙයරාම් මහත්මිය   සිය ලිපිය මගින් අවධාරණය කර ඇත.

උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩකයන්ව අයි.පී.එල්. යවනවද නැද්ද යන්න තවම තීරණය කර නොමැති බවයි.