ලෝකයේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන 'ක්‍රවුන් කැසිනෝ' සමාගමෙ ප්‍රධානියා වන ජේම්ස් පැකර් මහතා ලබන 27 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.
ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පිහිටි රථ ගාල එම ස්ථානයෙන් ඉවත් කර එහි කැසිනෝ ව්‍යාපාරික් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව පැවැත්වීම සඳහා ඔහු පැමිණෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර මොහුගෙ ව්‍යාපාර සමුහය ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක විශාල ප්‍රමාණයේ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යයි. මීට පෙර ජේම්ස් පැකර් මහතා ලංකාවට පැමිණ අදාල කැසිනෝ මන්දිරය ඉදිකිරිම සම්බන්දයෙන් මෙරට ප්‍රබල පුද්ගලයන් සමග සාකච්චා පැවැත්තු අතර එහිදී අවසන් එකගතාවයකට පැමිණ නැත.
අදාල විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරත් අනාවරණය කරන ආකාරයට ලබන වසර මුලදී මේ කැසිනෝ මන්දිරය මූලික ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර 2016 වන විට මෙහි වැඩ නිම කිරීමට ඔහුගෙ බලාපොරොත්තු ව වී ඇත.