Subscribe:

Ads 468x60px

Cartoon

21 May 2014

Facebook මිතුරන් වීදි බසිති

ධනේෂ් මධුරංග සත් ක්‍රියාවට මුල පුරති 
Facebook බොහෝ දෙන හදුන්වන්නේ සමාජයට අයහපතක් වන සමාජ වෙබ් අඩවියක් ලෙසය. එහෙත් මේ තුලින් යහපත් ක්‍රියාවන්ද සිදුකල හැකි බව පසුගියදා ඔප්පු කිරීමට Facebook මිතුරන් පිරිසකට හැකි විය. ඒ ෆේස්බුක් මගින් හඳුනා ගත් මිතුරන් පිරිසක් එකතු වී කොළඹ හා අවට වීදි වැසියන් පනස් දෙනකුට වෙසක් මාසය නිමිත්තෙන් ආහාර හා ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කිරීම තුලින් . 
ෆේස්බුක්හි ධනේෂ් මධුරංග සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහන් දැක මිතුරු මිතුරියෝ දස දෙනෙක් ඊට උදව් උපකාර කළහ. රත්මලාන, බෙල්ලන්විල, කළුබෝවිල, කොහුවල, නුගේගොඩ, කිරුළපොන, බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල, පැලවත්ත, පන්නිපිටිය, මහරගම, නුගේගොඩ, රත්මලාන සහ කටුබැද්දේ වීදි ආශිතව ජීවත් වන්නන් පනස් දෙනකු සොයා ගිය ෆේස්බුක් මිතුරෝ ඔවුනට ඇඳුම් හා කෑම පර්සල් බෙදා දුන්හ. 
මෙවෙනි ක්‍රියා තුලින් facebook පිළිබද සමාජ මතය බිද දැමීමට හැකි වනවා මෙන්ම තරුණ තරුණියන් මෙවෙනි සත් ක්‍රියාවන්ට යොමු වීම අගය කල යුතුය