Subscribe:

Ads 468x60px

Cartoon

22 May 2014

eBay එකටත් හැකර් ප්‍රහාරයක්

මුරපද වෙනස් කර ගන්න - eBay කියයි
දත්ත සොරා ගන්නන්  ඇතුළු වී ඇත - BBC කියයි 
eBay වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් eBay වෙබ් අඩවිය හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බැවින් eBay මුරපද වෙනස් කරන ලෙස සිය සේවාදායකයන්ගෙන් ඉල්ලා ඇත. එම නිවේදනය 


බී.බී.සී.ය පෙන්වාදෙන පරිදි eBay නමැති ඇමෙරිකානු සයිබර් වෙළෙඳ පොළ සමාගමේ වෙබ් අඩවියේ දත්ත ගබඩාව වෙත පසුගිය පෙබරවාරි මස අවසාන කාලයේ සිට මාර්තු මස මුල් කාලය දක්වා පරිගණක වෙත අනවසරයෙන් ඇතුළු වී දත්ත සොරා ගන්නන් හෝ විනාශ කරන්නන් ඇතුළු වී ඇති බවට තොරතුරු හෙළි වී තිබේ  - එම නිවේදනය

කෙසේ වෙතත් eBay සමාගම පෙන්වාදී ඇත්තේ තම සේවාදායකයන්ගේ ගිණුම්වල කිසිදු ආකාරයක අනවසර ක්‍රියාවක් පිළිබඳ සාක්ෂියක් මෙතෙක් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී නොමැති බවයි. නමුත්, තම eBay ගිණුම්වල මුරපද මාරු කිරීම මේ අවස්ථාවේ වඩාත් යෝග්‍ය ක්‍රියාව බවත්, එමගින් eBay පරිබෝගිකයන්ගේ ආරක්ෂාව වඩ වඩාත් තහවුරු වන බවත් එම සමාගම අවධාරණය කරයි. 

කෙසේ වෙතත් සයිබර් අවකාශයේ ජනප්‍රියම වෙළද පොළ මෙය වන අතර මෙම හැකර් ප්‍රහාරය හේතුවෙන් eBay ජනප්‍රියත්වයට යම් ප්‍රමාණයක හානියක් විය හැකිය