Subscribe:

Ads 468x60px

Cartoon

22 May 2014

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලයි

මූලික අයිතීන් කඩ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් 10,000,000.00 වන්දි මුදලක් ඕන - නයෝමි මිෂෙල්

කැමති ආගමික නායකයෙකුගේ රුවක් තමන්ගේ ශරීරයේ කොටා ගත හැක. පොලිසිය ගෙන ඇති  ක්‍රියා මාර්ගය අනුමත කල නොහැයි -  මානව හිමිකම් නීතිවේදි ගුණරත්න වන්නිනායක

eBay එකටත් හැකර් ප්‍රහාරයක්

මුරපද වෙනස් කර ගන්න - eBay කියයි
දත්ත සොරා ගන්නන්  ඇතුළු වී ඇත - BBC කියයි 
eBay වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් eBay වෙබ් අඩවිය හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බැවින් eBay මුරපද වෙනස් කරන ලෙස සිය සේවාදායකයන්ගෙන් ඉල්ලා ඇත. එම නිවේදනය 

21 May 2014

මියගිය තල්මසෙකු අහංගම මුහුදු වෙරලේ

විශාල තල්මසෙකු ඊයේ (20) අහංගම මුහුදු වෙරළට ගොඩගසා තිබුණූ අතර ඒ වන විටද මිය ගොස් සිටි මෙම තල්මසා අඩි තිහක් පමණ වන විශාල තල්මසෙකි . තල්මසාගේ උදරය පැත්තේ විශාල කැපුම් තුවාලයක්ද දකින්නට ලැබුණි.

Facebook මිතුරන් වීදි බසිති

ධනේෂ් මධුරංග සත් ක්‍රියාවට මුල පුරති 
Facebook බොහෝ දෙන හදුන්වන්නේ සමාජයට අයහපතක් වන සමාජ වෙබ් අඩවියක් ලෙසය. එහෙත් මේ තුලින් යහපත් ක්‍රියාවන්ද සිදුකල හැකි බව පසුගියදා ඔප්පු කිරීමට Facebook මිතුරන් පිරිසකට හැකි විය. ඒ ෆේස්බුක් මගින් හඳුනා ගත් මිතුරන් පිරිසක් එකතු වී කොළඹ හා අවට වීදි වැසියන් පනස් දෙනකුට වෙසක් මාසය නිමිත්තෙන් ආහාර හා ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කිරීම තුලින් . 

ශ්‍රී ලංකා සහ එංගලන්ත ප්‍රථම T 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

තරගයේ වීරයා  ලෙස තිසර පෙරේරා
ශ්‍රී ලංකා  සහ එංගලන්ත කණ්ඩායම අතර ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ  පැවති පන්දු වාර 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 9ක තියුණු ජයක් හිමි විය.

13 February 2014

Sri Lanka vs Bangladesh, 1st T20:

ශ්‍රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ  (12) චිතගොන්හි පැවැති පළමු 20 - 20 තරගයෙන් ලකුණු 02 ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තිසර පෙරේරා අවසන් පන්දුවාරය තුලදී බංග්ලාදේශ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 17ක ඉලක්කයක් ලද  අතර, එම පන්දුවාරයේදී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 15 ක් පමණි. තරගයේ වීරයා ලෙස කුසල් ජනිත් පෙරේරා සම්මාන ලැබීය.

ශ්‍රී ලංකාව 168/7 (පන්දුවාර 20)

27 March 2013

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට අයි.පී.එල්. තහනම්


ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තමිල්නාඩුවෙ ක්‍රිකට්‌ තරග සඳහා ගෙන්වන්න ඒපා
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම්

ඉන්දියාවෙ පැවැත්වීමට නියමිත අයි.පී.එල්. ක්‍රිකට්‌ තරගාවලිය වෙනුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැත්වෙන තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්, ශ්‍රී ලාංකික තරග විනිසුරුවරුවන් හෝ අනෙකුත් නිලධාරීන්ව සහභාගි කරවීමට තමන්  ඉඩ නොදෙන බව තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය  මන්මෝහන් සිං මහතා වෙත ලිපියක්‌ යවමින් ප්‍රකාශ කර ඇත.