ඊයේ (24) වතුපිටිවල රෝහල අසලදී විශාල පිරිසක් බලා සිටියදී ත්‍රීවීල් රථ රියෑදුරකු කපා කොටා ඝාතනය කොට සැකකරුවෝ ඔවුන් පැමිණි යතුරුපැදියෙන්ම පළාගොස් තිබේ.
මෙම සිද්ධියෙන් වතුපිටිවල නගරයේම පදිංචි සම්පත් දිනේෂ් නමැති තරුණයා මිය ගොස් ඇත.මියගිය අයගේ බෙල්ලට හා හිසට කඩුවකින් කෙටීමෙන් පසු තුවාලකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. ඝාතනයට ලක්‌වූ තරුණයාට ද මෙවැනි අපරාධ චෝදනාවක් ඇති බවත් දැනට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සැකකරුවකු බවත් පැවසේ.
දහවල් දොළහයි තිහට පමණ ට්‍රෙල් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ ඇති ඝාතකයන් මරණකරුගේ හිසට හා බෙල්ලට කඩුවෙන් කොටා බිම වැටුණාට පසු පැමිණි යතුරුපැදියෙන්ම පළා ගොස් ඇත.



