"සේමිනි රට වටේම හෝටල් ගානේ යනව. එයා යන හෝටල් ගැන හොයන්න ගියොත් මට රට වටේම ඇවිදින්න වේවි"දමිතා අබේරත්නගෙන් රු. කෝටි 50 ක වන්දියක් ඉල්ලා සේමිනි ඉද්දමල්ගොඩ කොළඹ දිසා අධිකරණෙය්දී ඊයේ(21) නඩුවක් පවරා ඇත. මෙහිදී සේමිනි පවසා ඇත්තේ ගුවන්විදුලි නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් ප්‍රසිද්ධියේ තමාට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් දමිතා විසින් සිදු කර ඇති බවය.
පැමිණිල්ලේ සදහන් ආකාරයට ගුවන්විදුලි නාලිකාවක වැඩසටනේදී දමිතා මෙසේ පවසා ඇත.
"සේමිනි රට වටේම හෝටල් ගානේ යනව. එයා යන හෝටල් ගැන හොයන්න ගියොත් මට රට වටේම ඇවිදින්න වේවි" යනුවෙනි.මෙම ප්‍රකාශය හේතුවෙන් තමා ගොඩනගා ගත් කීර්ති නාමයට අපහායක් බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 වන්දියක් තමා වෙත ලබා දෙන ලෙස සේමිනි විසින් ඉල්ලා ඇත.



