පසුගියදා බදවා ගන්නා ලද අලුගෝසුවන් දෙදෙනා නිවාඩුවකට ගෙදර යාමෙන් පසු නැවත නියමිත දිනට සේවයට වාර්ථා නොකිරිම පිළිබද පරීක්ෂණ පැවැත්වුන අතර නැවත සති කිහිපයකට පසුව ඔවුන් රැකියාවට වාර්ථා කර තිබුනා.
මෙසේවයට පැමිණි බදවාගෙන කෙටි කාලයක් ඇතුලත විනය කඩ කරමින් නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් වරයාගෙ නොසතුට පල කර ඇති අතර මේ පිළිබද පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට හේතු ඉදිරිපත් කිරීමට කාලයක් ලබා දී තිබුණි.
ඔවුන් පවසා ඇත්තේ පුද්ගලික ප්‍රශ්න හේතුවෙන් සේවයට වාර්ථා කිරිමට නොහැකි වූ බවයි.මෙසේවයට පැමිණි බදවාගෙන කෙටි කාලයක් ඇතුලත විනය කඩ කරමින් නිවාඩු ලබා ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් වරයාගෙ නොසතුට පල කර ඇති අතර මේ පිළිබද පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට හේතු ඉදිරිපත් කිරීමට කාලයක් ලබා දී තිබුණි.
එහෙත් එම ප්‍රකාශ පිළිබද බන්ධනාගාර කොමසාරිස් වරයා සෑහීමකට පත්වී නොමැති අතර නොදන්වා සේවටය වාර්ථා නොකිරීමේ චෝදනාව මත ඔවුන් දෙදෙනා බන්ධනාගාර සේවයෙන් නෙරපා දැමීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් දැන් නැවත අලුගෝසු තනතුර පුරප්පාඩු වූ අතර බන්ධනාගාර කොමසාරිස් පවසා සිටින්නේ නවක නියාමකයින් ලවා අවශ්‍යතාවය ඉටුකර ගන්නා බවයි




