කැමති ආගමික නායකයෙකුගේ රුවක් තමන්ගේ ශරීරයේ කොටා ගත හැක. පොලිසිය ගෙන ඇති ක්‍රියා මාර්ගය අනුමත කල නොහැයි - මානව හිමිකම් නීතිවේදි ගුණරත්න වන්නිනායක
තම ශරීරයේ බුදුන් වහන්සේ ගේ රුව සහිත පච්චයක් කොට බුදුන් වහන්සේට අපහාස කලේ යැයි චෝදනා කර අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම හේතුවෙන් සිදු වූ සිය මූලික අයිතීන් කඩ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් 10,000,000.00 වන්දි මුදලක් ඉල්ලා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන නයෝමි මිෂෙල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා සහ කටුනායක පොලිසියේ නිලධාරීන් නම් කර ඇත. ඇය පෙත්සම මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ තමා බුදුන් වහන්සේ කෙරෙහි දැඩි භක්තියකින් එම පච්චය කොටා ගත් බවත්ය
බන්ධනාගාර ගත කර සිටියදී බන්ධනාගාර නිලධාරීන් තමන්ට අයුතු ලිංගික යෝජනා ඉදිරිපත් කිරීම නිසා තමන් දැඩි මානසික පීඩනයකට ලක් වූ බවත් පෙත්සම් කාරිය විසින් වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත.
තමන් කැමති ආගමික නායකයෙකුගේ රුවක් තමන්ගේ ශරීරයේ කොටා ගත හැකි බවත් පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියා මාර්ගය අනුමත කල නොහැකි බවත් මානව හිමිකම් නීතිවේදි ගුණරත්න වන්නිනායක මහතා ප්‍රකාශ කර ඇත




