Subscribe:

Ads 468x60px

Cartoon

21 May 2014

ශ්‍රී ලංකා සහ එංගලන්ත ප්‍රථම T 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

තරගයේ වීරයා  ලෙස තිසර පෙරේරා
ශ්‍රී ලංකා  සහ එංගලන්ත කණ්ඩායම අතර ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ  පැවති පන්දු වාර 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 9ක තියුණු ජයක් හිමි විය.


කාසියේ වාසිය දින පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 183ක් රැස් කළේ ය.

තිසර පෙරේරා පන්දු 20 කට මුහුණ දෙමින් ලකුණු 49 ද ලහිරු තිරිමාන්න පන්දු 32 කට මුහුණ දෙමින් ලකුණු 40 ද රැස් කළ අතර කිත්රුවන් විතානගේ පන්දු 26 කට මුහුණ දෙමින් ලකුණු 38ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් එංගලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කළේ ය.

එහිදී ඇලෙක්ස් හේල්ස් පන්දු 41කදී ලකුණු 66ක් රැස් කළ අතර රවී බොපාරා පන්දු 15කදී ලකුණු 28ක් රැස් කළ ද තරගය ජය ගැනීමට ඔවුන් දැරූ උත්සහය සාර්ථක වූයේ නැත.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග පන්දු වාර 4 ට ලකුණු 28 කට කඩුලු 3ක් බිඳ දමමින් දක්ෂතා දැක්වීම් සමත් විය

තරගයේ වීරයා  ලෙස තිසර පෙරේරා.